Introduction

Sri Lankan Anagathaya is a website which helps sri lankans to build a better future!

We hope to criticise, to appreciate, to correct and also to guide our Sri Lankan's actions and movements, and to direct them to the economical & mutual and intellectual development of our country.

හිත ඇත්නම් පත කුඩාද ?

හිත ඇත්නම් පත කුඩාද ?

අපට අංක 8 සෑදිය හැකි ක්‍රම නැතහොත් ආකාර කීයක් තිබේද? ඒක හරිම සරල ප්‍රශ්නයක්. තුන්වෙනි ශ්‍රේණියේ සිටින දරුවකුගෙන් ඇසූ කලද අපට ඒ සඳහා පිළිතුර දැනගත හැකිය.
  • 4 + 4 = 8
  • 3 + 5 = 8
  • 2 + 6 = 8
  • 1 + 7 = 8
  • 4 * 2 = 8
  • 8 * 1 = 8
පූර්ණ සංඛ්‍යා විතරක් භාවිත කරමින් ඉහත සඳහන් ලෙස අපිට 8 ඉලක්කම ගොඩනගාගත හැක. කුමන අංකයකින් නිර්මාණය වුවද එහි අවසාන ප්‍රතිපලය එමමය. ඉතාමත් සරල උදාහරණයක් ගෙන පැහැදිලි කලද මෙය අප සියලු දෙනාම හොඳින් දන්නා කාරණයක්. තවත් පැහැදිලි ලෙස කිව්වොත් අපේ රට තරඟයට හාල් ගරන්නක් මෙන් මුදල් උපයන පිරිසගේ ක්‍රම උපාය වෙනස් වුවද එහි අවසාන ප්‍රතිපලයද එකමය. මිනිසුන් දෙවරක් නොසිත මුදල් ඉපයීමට වැරදි මාර්ග යොදා ගන්නේද එම නිසාවෙනි. මිනිසත්කම අහිමි වූවන්ගෙන් වෙන කිසිවක් බලාපොරොත්තු වියද නොහැකිය. සෑම දෙයකම ඇති අයහපත් දේ පමණක් ජීවිතයට ගන්නා මේ ශ්‍රී ලාංකික පිරිසට එහි ඇති සාරවත් ඵලය නොපෙනී යයි. මෙතරම් දියුණු මොළයක් හිමි අප විසින්ම මෙවැනි අඥාන ක්‍රියා වල යෙදීමද ලැජ්ජාවට කරුණකි. ඉහත පැහැදිලි කෙරුණු සම්මතයේ ඇති ප්‍රයෝජන පිළිබඳව සහ අප අනිත් අයගෙන් වෙනස් වන ආකාරය පිලිබඳ තතු බිඳකින් මෙම ලිපිය සකස් වී ඇත.අප ජීවිතයේ මුහුණ දීමට සිදුවන සෑම දෙයකින්ම ජය ගැනීමට විවිධ මාර්ග වෙයි. නොයෙකුත් පුද්ගලයන්ගේ බුද්ධිය අනුව ඒවා ජය ගැනීමට තෝරා ගන්නා මාර්ගද විවිධාකාර වේ. සරලවම කියූ කල මිනිසුන් එකිනෙකාගෙන් වෙනස් වෙන්නේ එම හේතුව නිසාය. එකිනෙකට පහසුම සහ වැදගත්ම සාර්ථක ලෙස හැඟෙන මාර්ග එකිනෙකට වෙනස් වෙයි. එය සිද්ධවන්නේ එම පුද්ගලයන්ගේ තර්කානුකූල බුද්ධියට අනුවය. ඔවුනොවුන්ගේ ජීවිත අත්දැකීම් මතද එම තීරණය යැපෙන සේම, ඕනෑම පුද්ගලයෙකු ගන්නා යහපත් තීරණයකට අපට අවලාද නැගිය නොහැකි වන්නේද ඒ නිසාමය. එම තීරණය නීති විරෝධී එකක් නොවන තාක් කල් එම පුද්ගලයාට චෝදනා කිරීමට අපට අයිතියක් නැත්තේද එම නිසාමය.තම ආකල්ප මගින් විවිධාකාර වන මිනිසුන් අතර රට සුරක්ෂිත කිරීමේ ආකල්පය හිතේ දරාගෙන කරලියට එන අපටද අවශ්‍ය වන්නේ අණට කීකරු දඩයම් බල්ලන් වැනි පිරිසක් වීමට නොව සත්‍ය වෙනුවෙන් කතා කරන, තම අදහස් අප හා බෙදාගෙන රට සුරක්ෂිත කිරීමේ ආකල්පය ඇති පිරිසක් එක් කරගෙන අප ආරම්භ කල කාර්යය ඉදිරියට සිදු කරගෙන යෑමටය. මං පෙර සඳහන් කල ආකාරයට අපට යම් කිසි අරමුණකට ලඟාවීමට ක්‍රම කිහිපයක් ඇත. එක ක්‍රමයකින් බැරි උනද තවත් කුමන හෝ යහපත් ක්‍රමයකින් රටට යහපතක් සිදු වෙයි නම් අපගේ අරමුණ ඉෂ්ඨ සිද්ධ වෙයි. එම නිසා රට බේරාගැනීමට කුමන හෝ ආකාරයකින් වෙර දරණ අයගේ වැරදි සොයමින් නොහිඳ අප අට හැකි ලෙසින් ලංකාවේ අනාගතය සුරක්ෂිත කිරීමට වග බලාගත යුතුය.මෙතෙක් දවස් කටින් පමණක් අපගේ අරමුණ පැතිර වූ අප හා එක්ව ලංකාවේ සිටින්නවුන්ට පිහිට වෙන්න අප හා එක්වන්න. කිමද මුදලින් ලබාගත නොහැකි බොහෝ දේවල් මිනිසත්කමින් අපට ලබාගත හැකි නිසාය. ඔබේ අදහස් අපට ඊමේල් හරහා යොමුකරන්න. අප හා එක්ව සමාජ සේවයේ නිරත වීමට කැමති නම් එයටද අප ඊමේල් එක හරහා අප වෙත ඔබගේ තොරතුරු යොමු කරන්න. ශ්‍රී ලාංකිකයන්ගේ සැඟව ගිය මිනිසත්කම අපි නැවත එලි දක්වමු.

No comments:

Post a Comment