Introduction

Sri Lankan Anagathaya is a website which helps sri lankans to build a better future!

We hope to criticise, to appreciate, to correct and also to guide our Sri Lankan's actions and movements, and to direct them to the economical & mutual and intellectual development of our country.

ගංවතුරේ සිරි නරඹන සිරි ලාංකිකයෝ

ගංවතුරේ සිරි නරඹන සිරි ලාංකිකයෝ

ගංවතුරින් හරි හරියට ගෙවල් යට වෙනකොට අපගේ එකම පරමාර්ථය වුයේ ඒ ගංවතුරින් බේරීමට සහ ගංවතුරින් අසරණව සිටින අයව බේරා ගැනීමය. නමුත් අපගේ අවාසනාවටදෝ වෙනත් පරමර්ථ ඇති පුද්ගලයන් අද සමාජයේ බහුල වෙති. 1989 ට පස්සේ ආව ලොකුම ගංවතුරින් අපේ ගෙවල් දොරවල් ඔක්කොම යටවෙලා ගියා. එහෙම අනාථ වෙලා හිටපු අපිට බලන්න ලැබුනු දර්ශන දැක්කම වතුරට පැනලම මැරෙන්න හිතුනා. ගංවතුර තිබ්බ තැන්වල කඩි ගුල් වගේ සෙනඟ පොරකනව. මගේ මොළේට එක පාරටම click වුනේ සහනාධාර බෙදන්න ආපු හරි හොඳ ,හිතක් පපුවක් ඇති කස්ටියක් කියල.දුක කියන්නේ ඒ ඔක්කොම ඇවිත් තිබ්බේ ගංවතුර බලල selfie එකක් ගහන් යන්න. ඔක්කොටම ඉතින් තමන්ගෙ ෆේස්බුකි වල දාගන්න බැරියැ , අපිටත් ගංවතුර කියල. ඒ උනාට ඒ ගෙවල් අහල පහලක මඩ ගොඩක්වත් නෑ.
                                                                                                                                                   ඒ මදිවට ගං වතුර තියෙන හරිය බලන්න යන්න බෝට්ටු service එකකුත් දාලා. ඒකත් නිකන් වගෙ පෙනුනට සාක්කුවට ගානක් කඩාගෙන. කන්න ලැබෙනකන් බලන් හිටිය මට ඒක දැක්කම වතුර කොච්චර ගැඹුරුද බලන්න අමුතු ආසාවක් ආවා. මෙච්චර මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාවක තමන්ගේ ජොලි ගන්න තරම් ලංකාවේ මිනිස්සු අමානුෂික වුනේ කොහොමද? වතුර ජොලි තමයි, ඒත් තමන්ගේ ගෙවල් ඔක්කොම නැති වෙලා අඬ අඬා ඉන්න මිනිස්සු ඉස්සරහ ඉඳන් හිනා වෙවී photos ගහන්න තරම් ලාංකිකයන්ට පුළුවන් වුනේ කොහොමද? ඉස්සර ලංකාවේ තිබ්බ සමගිය දැන් කොහෙද? අද සමාජය අතීතයේ හිටපු එක්නැලිගොඩ, මොල්ලිගොඩ පරම්පරාවේ අයවත් ද?
                                                                                                                    ඒ මේ කරදර අස්සේ තවත් ලාංකිකයන් අගය කරන්න වටින වැඩක් ආරංචි උනා. ඒක තමා, ගංවතුරින් අසරණ වෙලා හිටිය මිනිස්සුන්ගේ ඉතුරු වෙච්ච් වටිනකියන බඩු උස්සන ඉතා ආදර්ශමත් ලාංකිකයන් පිරිසකුත් මේ අහල පහල ගැවසෙනව කියල. අනේ ඉතින් මේ මිනිස්සුන්ට හෙණ ගහලත් මදි. අඳින්න ඇඳුමක්වත් නැතුව වේලි වේලි ඉන්න කට්ටියට තමයි අපි මේ ගේම දෙන්නේ කියල හිතන්න තරම්වත් මොළයක් නැති සත්ත්ව කොට්ඨාශයක් ලංකාවෙ ඉන්නව කියල ඇහුවම පොළොව පලන් වෙන රටකට යන්න හිතෙනව. ඒත් ඉතින් මොනා කරන්නද? මගේ මේ මොළේ මුල ඇදගෙන ඉන්න plan එකක් තියනවනේ. අනාගත පරම්පරාවට නිදහසේ ඉන්න පුළුවන් විදිහට රට වෙනස් කරන්න. අඩුම තරමෙ  ගංවතුර දාල තියෙන වෙලාවටත් බයක් සැකක් නතුව, මුළු රටම එකට එකතුවෙලා අනිකා වෙනුවෙන් ඉන්න තත්ත්වයක් උදා කරල දෙන එකවත් සාර්ථක කර ගැනීම මෙහි උත්සාහයයි.මගෙ අඩුපාඩු ගැන කියාදීමට ඔබට අවසර! ඔබලාගේ සියලුම අදහස් අප වෙත එවන්න.
ස්තූතියි!
Admin Panel,

No comments:

Post a Comment