Introduction

Sri Lankan Anagathaya is a website which helps sri lankans to build a better future!

We hope to criticise, to appreciate, to correct and also to guide our Sri Lankan's actions and movements, and to direct them to the economical & mutual and intellectual development of our country.

මිනිසත්කම ඇති පුද්ගලයින් වුවමනා කර තිබේ

මිනිසත්කම ඇති පුද්ගලයින් වුවමනා කර තිබේ.


ලාංකිකයන් සතුවන මනුස්සකම පිළිබඳ ව මෙම ලිපියේ ඇතුළත් වේ. සිරි ලාංකිකයන් සතු විශාල අඩුපාඩුවක් ලෙස ඔවුන්ගේ පන්ති භේද සැලකිය හැකි. ඉතා ධනවත්, බලවත් පුද්ගලයන් පමණක් ඇසුරු කරන ධනවත් පන්තියක්, සාමන්‍ය ලෙස ජීවත් වන middle class සමාජයක් සහ අන්ත අසරණව සිටින දුප්පත් පාන්තිකයන් පිරිසක් වර්තමාන ශ්‍රී ලංකවේ වාසය කරති. නමුත් මිනිසත්කම උතුම් කොට සලකන පිරිස බහුතරයක්ම සිටින්නේ මේ ධනවත් නොමැති, ජීවිතයේ නියම අර්ථය දන්නා කණ්ඩායමේ ය. තම රැකියාව සහ තත්වය පසෙකින් තබා මිනිසත්කමින් ඉදිරියට ඒමට ඒ අයට ඇති අපහසුතාව කුමක් ද?

වැඩිහිටියන් පසෙක තබා පාසල් යන ළමුන් දෙස බැලූ කලද මේ තත්වය බහුල ලෙස පෙනෙන්නට ඇත. මනුස්සකම අමතක කර තම පාසලේ නම ප්‍රයෝජනයට ගෙන කුඩා පාසල් වල සිසුන්ට ගරහන පිරිසක්  අද සමාජයේ වෙසෙති. කතාව ඉදිරියට ගෙන යෑමට පෙර මේ කියන්නේ ලොකු ලොකු පාසල් වල සිටින සියලුම දෙනාට නොවන බව කරුණාකර වටහ ගන්න. මඩ ගොඩක නෙළුම් මල් පිපෙන්නාක් මෙන් එම පාසල් වලද මිනිස්කම ඇති පිරිසක් සිටිති. ඒ අය පිළිබඳව විශාල ගෞරවයක් හද තුළ ඇති වුවද කියන්නට කාලය නොයොදවන්නේ මගේ ඇති තිරිසන්කම නිසා නොව සියලු දෙනාටම නොපෙණුනු සත්‍ය පමණක් හෙළි කිරීම මෙම ලිපියේ අරමුණ වෙන නිසාවෙනි. කතාවට enter වෙන්නේත් මන් ලබපු අත්දැකීම් සමුදායක් හිතේ දරාගෙන ය. අපේ නෙත් දැකීම් වලට වඩා අත්දැකීම් බලවත් නිසාවෙන්ම මම එවා යොදා ගතිමි.

පොඩි උදහරණයක් ගත්තොත්, රට වටේ තිබෙන ප්‍රසිද්ධ පාසල් වලට යන නැදෑයෝ සහ යාළුවෝ set එකක් මගෙ people's list එකේ ද සිටිති. ඒ අයගෙන් සියලු දෙනාම මම මේ කියන ඝනයට නොවටුණත් බහුතරයක් ම මට පාට් දමන්නට උපන්නෝ වෙති. නමට friend list එකේ සිටියත් ඔවුන්ගෙන් ඇති කිසිම ඵලයක් නැත. අඩුම තරමේ කරදරයක් වුණු වෙලාවකට miss call එකක් ගැසීමටවත් ඔවුන්ට වෙලාවක් නැත. උවමනාවක් ද නැත. ඒ මේ තියා එයාලගෙ ඉස්කෝල වල term test paper එකක්වත් දෙන්න බැරි, ඉල්ලුවාම හෙන ගෑස් පෙන්නන අජූත පිරිසක් මගේ මිතුරන් වීම දුකට කරුණකි. අනිත් අයට උදවුවක් කරාම ඇඟෙන් කෑල්ලක් යනවාක් මෙන් අපිව පැත්තකට විසි කර දැමුවද ඔවුන්ට කරදරයක් වූ විට බොක්කෙන්ම help කරන්න යන අපිට පාන් කට්ටක්වත් ආපසු ලැබෙන්නේ නැත. එහෙත් අප සතුව ඇති මනුස්සකම නිසාවෙන් අපේ යුතුකම් අපි කිසිදාක අමතක නොකළෙමු. අතීතයේ මිනිසුන්ගේ දෝරෙ ගලා ගිය මිනිසත්කම ගලා ගියේ කොහෙද?

වැඩිහිටියන් මෙතනට ගාවා නොගෙන ලංකාවේ තරුණ පරම්පරාව ම විවේචනය කරන්නේ රටේ අනාගතය රඳා පවතින්නේ ඔවුන් අත නිසාය. පොඩි කාරණයක් ගෙන මෙතරම් කතා කරන්නේ කුඩා වැරැද්දේ සිටම නිවැරදි කර යහපත් අනාගතයක් රටට උදා කරදීමට වුවමනා නිසාය. පොඩ්ඩක් ඇත්නම් ඇන කොටා ගන්නා සමාජයකට මනුස්සකම කියා දීම පහසු කරුණක් නොවනු ඇත. එහෙත් ලංකවේ අනාගතය සුරක්ෂිත කිරීමට දත කන Sri Lankan Anagathaya ට අවශ්‍ය වී ඇත්තේ ලංකාවාසී සියලු දෙනාටම යහපත් හෙටක් උදාකර හැමදාම සිහින දැකි dream world එක ලංකවේ ස්ථාපිත කරවීමයි. මිනිසත්කමින් ඉදිරියට යන්නට සැවොම එක්වෙමු. ඔබෙ අදහස්, යෝජනා සහ චෝදනා අපට ඉදිරිපත් කරන්න.


Admin Panel,


No comments:

Post a Comment