Introduction

Sri Lankan Anagathaya is a website which helps sri lankans to build a better future!

We hope to criticise, to appreciate, to correct and also to guide our Sri Lankan's actions and movements, and to direct them to the economical & mutual and intellectual development of our country.

රටින් පිටවීමට සිරි ලාංකිකයන්ට ඇතිව තිබෙන රුදාව

රටින් පිටවීමට සිරි ලාංකිකයන්ට ඇතිව 
තිබෙන රුදාව

මේ දවස් වල ශ්‍රී ලාංකික සියලු දෙනාගේම බලාපොරොත්තුව රට අතහැර ගොස් සතුටින් ජීවත් වීමයි. ලංකාවේ ඇති දේශපාලනික අස්තාවරත්වය මෙන්ම සමාජයීය විකුර්තිතාවය ඔවුන්ගේ මෙම තීරණයට හේතු වී තිබේ. නමුත් මේ සියලු දෙනාටම අමතක වුනු කරුණක්ද ඇත. එනම් ලංකාවේ ඉපිද, ලංකවේ ඇති යම්තාක් දුරට නිදහස් වූ අධ්‍යාපනය ලබාගෙන එම රටටම අපහාස කිරීමට තරම් ඒ පිරිස පහත් තත්වයට වැටීමයි. රට පිරිහී ඇති ස්වභාවය නොපෙනීමට තරම් මෙම ලිපිය ලියන මම අන්ධ නොවෙමි, එනමුත් මේ රට හැකිතාක් දුරට යලිත් ගොඩනගන්නට මිස රට අතහැර යාමට මට උවමනා නොවුණි. මාව අමු මෝඩයෙක් ලෙස ඔබට සියලු දෙනාටම හැඟෙන්නට පුලුවන. එහෙත් මේ ලස්සන පොළොව, මගේ මවුබිම හැරදා යාම මට කල නොහැක්කකි, ඒ මන්ද ම මුළු හදවතින්ම මේ මවු පොළොවට ආදරය කරන නිසාය. දුකට කරුණ නම් තම මාතෘ භූමියට ආදරය කරන පිරිසක් වර්තමාන ශ්‍රී ලංකවේ නොසිටීමයි. තමන්ගේ දූ දරුවන්ගේ යහපත උදෙසා යැයි පවසමින් මෙසේ සිදු කරන ඔවුන්, තමන්ගේ දූ දරුවන්ට මේ අලංකාර භූමියේ විසීමට තිබෙන අයිතියද නැති කර දමයි. ඔවුන් මේ සොයාගෙන තිබෙන විසඳුම ඔය කියන තරමටම සාධාරණ ද? එසේනම් ලංකාවට යළි නැගිටීමක් නැද්ද? ඒ සියළු දෙනා එසේ කියූ පමණින් අපගේ මේ උත්සහය නතර කරන්නේ නැත. මන්ද අපි වගේ ලංකාවට අදරය කරන සීමිත පිරිස වෙනුවෙන් හෝ මේ රට පැවතිය යුතු බැවිනි. රටින් පැන යන මහත් හොරුන් නවත්වා ගැනීමට අපට කිසිම වුවමනාවක් නොමැත. ඔවුන්ට දීමට ඇති එකම පණිවුඩය නම් හැකිතාක් ඉක්මනින් මේ රට අතහැර යන ලෙසය. ඒ වෙන කිසිවක් නිසා නොව ශ්‍රී ලංකවේ වටිනාකම නොදත් හාල්පාරුවන්ගෙන් රටට වැඩක් නොව අවැඩක් පමණක්ම සිද්ධ වෙන නිසාය. ඒ කෙළෙහි ගුණ නොදත් පුද්ගලයන්ගේ වචන වලට රැවටි සිටින පිරිසට සත්‍ය පෙන්නා දීම, අප සතු වගකීමක් වන බැවින් මෙම ලිපිය ලියන්නට මට සිතුණි



Track එකෙන් පිට ගියාට, අතිව තිබෙන ප්‍රශ්නය තවම එතනය. රට නැවතත් ගොඩ ගැනීමට බැරි තරමට පිරිහී ඇතැයි කියමින් එම ප්‍රශ්නයෙන් සියලු දෙනාම ගැලවී යන්නේ මහා ආඩම්බරයෙන් ගසන් ඉන්න දේශප්‍රේමී පට්ටම ගලවා විසිකරමිනි. අප ජීවිතයේ ඇති බාධක වලින් ජය ගන්නේ "කළ නොහැකි කිසිවක් නොමැතැයි" පවසමිනි. තේරෙන සිංහලෙන් කිව්වොත් "Nothing is Impossible". නමුත් මේ සිදුව අත්තේ සියළු උත්සහයන් අත්හැර දැමීමක් නොවේ දරටින් පිට වීමට තරම් වත් පොහොසත් කමක් නැති මිනිසුන්ට මේ තත්වයෙන් අතවන ඉරණම කුමක්ද?ලංකාවෙ so called අනාගත පරපුර වෙනුවෙන් නැවතත් රට ගොඩනැගීමට කවුරුත් ඉදිරිපත් නොවන්නේ ඇයි? රට, අනාගත පරපුරට ජීවත්විය හැකි අයුරින් සකස් කරනවා වෙනුවට ඔය කරන social service වලින් ඇති ඵලය කුමක්ද? doctors ලා , engineers ලා වෙන්නේ ඉන්න අයට මේ ප්‍රශ්නය නොපෙනෙන්නේ කුමක් නිසාද? අපි ලංකාවේ ඉපදුනු කරුමක්කාරයොද? දවස් ගනන්, සති ගනන් මේ ප්‍රශ්න වලට යටව සිටීමට තවමත් සෑහීමට පත්විය හැකි කිසිම දෙයක් නැත. ඒ දෙවල් කෙසේ වෙතත් අපි ජාති භේද , ආගම් භේද නොසලකා ශ්‍රී ලාංකිකයන් ලෙස එකට එක් වුනොත් මේ ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දිය හැකි බව, අහිංසක මගේ අදහසයි. වසර දහස් ගණනකට පෙර සිට පැවත එන රාවණා පරපුරේ අභීත ලාංකිකයන්ට මෙය කෙසේවත් අසීරු විය නොහැක. මගේ මේ පුංචි මොළෙන් දාපු වචන වලට හොඳ අදහස් කියන්නත්, මගේ වචනයේ තිබුනු අඩුපාඩු පෙන්වා දීමට ඔබට අවසර!
Admin Panel,



No comments:

Post a Comment