Introduction

Sri Lankan Anagathaya is a website which helps sri lankans to build a better future!

We hope to criticise, to appreciate, to correct and also to guide our Sri Lankan's actions and movements, and to direct them to the economical & mutual and intellectual development of our country.

ශ්‍රී ලාංකිකභාවය

ශ්‍රී ලාංකිකභාව


ජාති වශයෙන්, ආගම් වශයෙන් අපට කෙතරම් පිළිගැනීමක් තිබුනත්, "ශ්‍රී ලාංකික" වශයෙන් අපට ඇත්තේ ඉතා සුළු අභිමානයකි. ඒ මන්ද, නොයෙකුත් මිනිස් ආකල්ප නිසා හට ගන්නා අත්මාර්ථ ක්‍රියා නිසාය. හොඳම උදාහරණය නම්, ඉන්දියාවේ කෙතරම් ජාතිවාදී අරගල ඇති වුවත්, සටන් ඇති වුවත්, "ඉන්දියානු" යන හැඟීමට සෑම පුරවැසියෙකුම යටත්ව සිටීමයි. ඒ මක් නිසාද? ඔවුන්ගේ දේශප්‍රේමී හැඟුම් ප්‍රමුඛ වන නිසාය. කෙතරම් විදෙස් රටවල් වල ඉන්දියානු පුරවසියන් ජීවත් වුවත්, Indian යන නාමයට සහ එහි සංස්කෘතියට ඔවුන් සැමදා ඇල්මක් දක්වයි, ගරුකරයි. එසේම තම රට ගැන ආඩම්බරයෙන් වර්ණනා කරයි.

එනමුත් අසල්වාසි අප රටේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. ඒ සියලු දෙනාම තමාට පමණක් ඇලුම් කරන අතර, තමන්ගේ රට පිළිබඳව කුඩා හෝ හැඟීම්ක් ඇත්තේ ඉතා සුළු පිරිසකටය. ඒ සුළු පිරිසෙන් බහුතරය වැඩිහිටියෝ වෙති. අපේ තරුණ පරම්පරාව තුළ කාවැදී ඇති මනස්කාන්ත සුරංගනා කතා නිසා ඔවුන් තම රට පරදුවට තබා ඔවුන්ගේ ආභිප්‍රායන් ඉටු කරයි. මෙය ලැජ්ජාවට කරුණකි.නමුත් විය යුත්තේ, තමන් පරදුවට තබා හෝ රට බේරා ගැනීමය.

තවද, පෙරදිග ලෝකයේ රටවල් වලට සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයන්, නැවත ලංකාව දෙස බලනුයේ ඉතා පහත් ආකාරටය.මෙය නිවරැදි විය යුතුය. මෙහි ප්‍රධානතම ගැටලුව වන්නේ, සියලුම දෙනා කුමක් හෝ කාරණාවක් නිසා කිසියම් කෙනෙකුට චෝදනා කිරීමයි. ඒ චෝදනාව පටවා, ඔහු එම පොදු වරදෙන් මිදී යාමට උත්සාහ කරයි. ලංකාවේ ඇති එකම වැරද්ද එයයි. රටේ වැරදි, පොදුවේ ලාංකිකයන් වශයෙන් පිළි නොගෙන, එම වැරදි දේශපාලන පක්ෂයකට, සමාජයකට, පුද්ගලයෙකුට සීමා කිරීමයි.

තම රටේ වැරදි, තම තමන් අවබෝධ කොට, එය නිවරැදි කර, තවත් අය නිවරැදි කරවා, මෙම සුන්දර දේශය අතිවිචිත්‍ර ආදර්ශවත් රටක් බවට පත්කිරීමේ හැකියාව අපට ඇත. ඔබගේ අදහස් හා යෝජනා සැමවිට සදාදරයෙන් පිළිගැණේ.

Admin Panel,


No comments:

Post a Comment